Colombo Today Local News

කුඩ්ඩෝ දිනකට කෝටි තුනක් වළලයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන් දෛනිකව උපයන රුපියල් කෝටි තුනකට ආසන්න මුදල් බැංකුගත නොකර රහසිගත සේප්පුවල දමා භූගතව සඟවා තැබීමට පටන්ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් සංසරණය වන ගිණුම් සොයා ඇරඹි විමර්ශන සමග මුදල් බැංකුගත නොකිරීමට කුඩු ජාවාරමුන් ක්‍රියාත්මක වන බව හෙළි වී තිබේ. කුඩු ජාවාරම්කරුවන්ට සහාය දුන් බැංකු නිලධාරින් ගැන විමර්ශන ඇරඹීමත් සමග ඔවුන්ගේ මුදල් ගිණුම්ගත කිරීමේ ගැටලුවකට මුහුණ දී ඇත. මීට පෙර උණ්ඩියල් ක්‍රමයට විදේශ රටවල්වලට රැගෙන ගියද එයද පසුගිය කාලයේ අඩපණ වී තිබේ.

හෙරොයින්වලට ඇබ්බැහි වූවන් ලක්ෂයක් රටේ සිටින බවත්, ඔවුන් සඳහා දිනකට කුඩු කිලෝග්‍රෑම් තුනක් අවශ්‍ය බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ සමීක්ෂණයකදී හෙළි වී තිබිණි. දිනකට කුඩු කිලෝ තුනක් වෙනත් රසායනික ද්‍රව්‍ය සමග අටගුණයකින් කලවම්කර සිල්ලර වෙළෙඳාමේදී හෙරොයින් පැකට් ලෙසින් දිනකට කිලෝග්‍රෑම් 32 ක් විකිණෙන බවත් හෙළි වී ඇත. කලවම් නොකරන ලද හෙරොයින් කිලෝවක් රුපියල් කෝටියකට අලෙවිවන අතර සිල්ලර වෙළෙඳාමේදීත් හෙරොයින් කිලෝවක් කලවම් කළ පසුවත් එවැනිම ආදායමක් උපයන බව හෙළි වී ඇත.

මීට අමතරව අයිස් වැනි කෘත්‍රිම මත් ද්‍රව්‍ය වෙළෙඳාමද තොග වශයෙන් සිදුවන බව හෙළි වී තිබේ. හෙරොයින් ජාවාරමට මරණ දණ්ඩනය හිමි වුවත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා එවැනි නීති සම්පාදනය නොවීම නිසා ඒ සඳහා නව නීති සකස් කිරීමේ අවසන් තීරණ ගැනීමේ සාකච්ඡාවක් ඊයේ (19)දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත විය.

ගල්කිස්ස කේන්ද්‍ර කරගනිමින් මර්වින් ජානාගේ කුඩු ජාලයේ රුපියල් කෝටි දාහතරක ගිණුමක් ඔහුගේ බේකරියක සේවකයකුගේ නමින් ගිණුම්ගත කර තිබියදී පසුගියදා සොයා ගත්තේය. මර්වින් ජානාගේ සහෝදරිය සතුව ලක්ෂ 432 ගිණුම් දෙකක් මීට පෙර සොයා ගැනිණි. එම ගිණුම් මෙහෙයවා තිබුණේ රජයේ බැංකුවක විශ්‍රාමික කළමනාකරුවකු ලෙස කටයුතු කළ වේරහැර පදිංචිකරුවකු විසිනි.

මේ අයුරින් කුඩු අංජුගේ ලක්ෂ 4000 ක් සංසරණය වූ බැංකු ගිණුමක් හා ඔවුන්ට සහය පළ කළ බැංකු නිලධාරින්ද සොයා ගැනිණි.

කුඩු ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් මෙහෙයවූ බැංකු නිලධාරින් ගැන සොයා නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මුදල් ගිණුම්ගත නොකර භූගත සේප්පුවල සඟවන බව හෙළි වී ඇත.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කඩුවෙලදී හරක් කටාගේ කුඩු ජාවාරමට අයත් කුඩු ග්‍රෑම් 300 ක් සමග නිවසක ගබඩාකර තිබූ රුපියල් පන්කෝටි අනූඑක්ලක්ෂයක් මීට පෙර අත්අඩංගුවට ගත්තේය.

මෙම සතියේ පොලිස් විශේෂ කාර්ය බළකාය හා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීම්වලදීත් කුඩු ජාවාරම්කරුවන් සතුව තිබී ලක්ෂ ගණනක සැඟවූ මුදල් හමු වී ඇත.

මීට පෙර මෙම ජාවාරම්කරුවන් එම මුදල්වලින් දේපොළ මිලදී ගත් අතර ඒවාද රාජසන්තක කිරීමට කටයුතු කිරීම නිසා මෙසේ භූගත බංකර් සකස්කර තැබීමට පෙලඹී ඇති බව පොලිසිය පවසයි.

කුඩු ජාවාරමුන්ගේ භූගත සේප්පු රාජසන්තක කරන මෙහෙයුමක් සඳහා තොරතුරු සොයා විමර්ශන අරඹා තිබේ.

Related posts

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

ජනපතිට සුබ පතන දේව මෙහෙයට විරෝධයක්.. දවටගහ පල්ලියේ ගිනිකෙළි!

colombotoday

තවම විපක්ෂ නායක මමයි – සම්බන්ධන්

colombotoday

ඇගළුම් සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බසයක් පෙරළෙයි

colombotoday

‘මගේ ජාතිය වෙනුවෙන් මා යුතුකම ඉටුකළා‘ – නවසීලන්ත මුස්ලිම් පල්ලියේ වෙඩි තැබූ ප්‍රහාරකයාගෙන් පිටු 74ක ලිපියක්…

colombotoday

ගෝඨාභයට අනින්න ගිය රන්ජන් මාධ්‍ය ඉදිරියේ කද හරහා ඇනගනී…

colombotoday