Colombo Today Local News

බටහිර පර්යන්තය සංවර්ධනයට ආයෝජකයෙකු නම් කරන්නැයි ඉන්දියාවට හා ජාපනයට දැනුම් දීමට කමිටු තීරණයක්

කොළඹ වරායේ, බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජනයට පාර්ශවකරුවෙකු නම් කරන්නැයි ඉන්දියාවට හා ජාපනයට දැනුම් දීමට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත් කළ කමිටුව තීරණය කර තිබේ.

කමිටුවේ සභාපතිවරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කළේ, කමිටුව පළමුවරට ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹි බවයි.

ඒ අනුව, අදාළ තීරණය මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට හා ජපාන තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

යළිත් ලබන සිකුරාදා එම කමිටුව රැස්වීමට නියමිතය.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

Related posts

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

මාමිණියාව රජමහා විහාරයට ප්‍රහාරයක්.. මැරයෝ විහාර දේපල කුඩුපට්ටම් කරති !

colombotoday

යන්තන් ඉන්ධන නැවක් නිදහස් කර ගනී

colombotoday

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

Admin

ෂෙයික් අබ්දුල් කලීඩ්ගේ ඩයලොග් සමාගමේ ගසා කෑම – ඩෑන් ප්‍රියසාද්

colombotoday