Colombo Today Local News

පුංචි පුතා පාසල් ගිය පළමු දවසේම මරුවා අරන් යයි

ජීවිතයේ මුල්වරට පාසැලට යමින් සිටි පාසැල් ශිෂ්‍යයෙක් බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදි අද (15)දින උදේ 7.20 ට කන්ටේනර් ලොරියක ගැටී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව බදුල්ල පොලිසිය පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ බදුල්ල අසේලපුර පදිංචිව සිටි සිවනේෂන් වරුන් ප්‍රදීෂ් නැමති 6 හැවිරිදි බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ශිෂ්‍යයෙකි.

ශිෂ්‍යයාගේ මිත්තනිය මෙම දරුවාත් ඔහුගේ නිවුන් සොයුරාත් සමග පාසැල බලා ගමන් කරමින් සිටියදී බදුල්ල ඉන්ධන පිරවුම් හල ඉදිරියේදී මෙම අනතුර සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.මෙම අනතුරේදි මිත්තනියට ද බරපතල තුවාල සිදුව ඇති නමුත් අනෙක් නිවුන් දරුවාට අනතුරක් සිදුව නැත.

අනතුරෙන් බේරුණු දරුවාද අද දින මුල් වරට පාසැල් යමින් සිටියේය. තුවාල ලැබූ මිත්තනිය බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ.

අනතුර සිදුකළ කන්ටේනර් ලොරිය හා එහි රියදුරා අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.

බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

උතුරේ ඡන්දයකින් දෙමළ සන්ධානය පරදී.. වසර 30කට පසු ඊ.පී.ඩී.පී. ය ජයගනී !

colombotoday

ඇමති මංගලට එරෙහිව මීගමුවේ කතෝලිකයන් වීදි බසී

colombotoday

ඇමති චම්පික හා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර ගාලගෝට්ටියක්…

colombotoday

විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය තාවකාලිකව අත්හරිති

Admin

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

අඹගමුවේ සීමා නිර්ණයට එරෙහි පෙත්සම නැවතත් කල්යයි

colombotoday