Colombo Today Local News

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

wimal sajithවිමල් වීරවංශ මහතා නිවාස අමාත්‍යවරයා ලෙස සිටියදී හඳුන්වාදුන් ජාතික නිවාස ප්‍රතිපත්තිය ඉදිරියට ක්‍රියාත්මක කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) කියා සිටියේ විමල් වීරවංශ මහතා හඳුන්වාදුන් අදාළ ජාතික නිවාස ප්‍රතිපත්තිය ඉතාම වැදගත් එකක් බවයි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට අදාළ කාරකා සභා අවස්ථාවේ විවාදයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ අදාළ ප්‍රතිපත්තියේ ඇති ඌනතාවන් හා අඩුපාඩු මගහරවා ගනිමින් ගුණාත්මක, හරාත්මක හා ධනාත්මක කරුණු ඉදිරියට ගෙන යන බවයි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය ඉදිරි දැක්මක් සහිතව ක්‍රියාකරමින් සිටිනවා. පීටර් කේනමන් මහතාගේ සිට විමල් වීරවංශ අමාත්‍යවරයා දක්වා සියලු අමාත්‍යවරුන් නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා අඩු වැඩි වශයෙන් උත්සහ දරා තිබෙනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ යුගය නිවාස ක්ෂේත්‍රෙය් ස්වර්ණමය යුගය බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

Related posts

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

colombotoday

උතුරේ ආණ්ඩුකාරධුරය මහාචාර්ය නන්දන විජේසිංහටද ?

colombotoday

වංචනික ලේඛණ හදා, රටම රවටා හොර පාරෙන් ETCA අත්සන් කරලා…

colombotoday

වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් එළියට

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ගෑස් මිලත් ඉහල යයිද

Admin