Colombo Today Local News

දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී උතුරේ පාලනය සිදුවිය යුතුයි. |ඉන්දියාව මැදිහත් වී ජනමත විචාරණයක් කරන්නැයි විග්නේෂ්වරන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව ඉන්දියාව රවටමින් සිටින බවද කොළඹ නැගෙනහිර වරාය පර්යන්තය සම්බන්ධයෙන් සිදුව ඇත්තේ ද එය බවද ඒ මහතා පෙන්වා දෙයි.

විග්නේෂ්වරන් මහතා මේ බව පෙන්වා දී ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඉන්දියාව සම්බන්ධයෙන් මා මෙතෙක් කාලයක් පැවසු දෙයම අද සිදුවී තිබේ. එදා සිට අද දක්වාම මෙරට ආණ්ඩු කළ ආණ්ඩු විසින් ඉන්දියාව රවටමින් සිටී. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ද සිදුව ඇත්තේ එයයි. ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරයෙන් පසුව එය සිදුවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. මෙවර එය ටිකක් වේලාසනම සිදුව ඇත. යාපනය ආසන්නයේ පිහිටි දුපත් තුනක් බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් චීනයට ලබාදී ඇති බව වාර්තා මාධ්‍ය වාර්තා කරයි. එය සැබැවින්ම බරපතල කාරණයකි.

එබැවින් ඉදිරියටවත් ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව තමන්ගේ විශ්වාසදායකයින් බව සිතා ඔවුන්ගේ නිජබිම වන උතුරු නැගෙනහිර පළාත් වල බලය ඔවුන්ට තහවුරු කරදෙමින් ඉන්දයාව තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කර ගත යුතු යැයි ඉල්ලා සිටිමි.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශය සුරක්ෂිතව පැවතිය යුතු නම් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී එහි පාලනය සිදුවිය යුතුය. එය සනාථ වන ආකාරයෙන් දෙමළ ජනතාවට ඔවුන් නියෝජනය වන ආකාරයේ තිරසාර දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා වන ජනමත විචාරණයක් ජාත්‍යන්තර මැදිහත්වීම මත පැවැත්වීමට ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතුය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සිදුවු දෙයම හෙට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද සිදුවිය හැකියි. ඒකීය රාජ්‍යය යටතේ මෙවැනි දේවල් කවර අවස්ථාවක වුවද සිදුවිය හැකි බව ඉන්දියාව අවබෝධ කර ගත යුතුය.

1987 වසරේදි ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදි ශ්‍රී ලංකාවේ පළාත් වලටත් ඉන්දියාවේ ප්‍රාන්ත රජයන්ට ලබාදී ඇති බලතලම ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිණි. නමුත් ජේ . ආර් ජයවර්ධන ඒ සියල්ල වෙනස් කර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමම්ත කර ගනු ලැබීය. පසුව බලයට පත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ඔහුට වැඩි පියවරක් ඉදිරියට ගොස් පළාත් ලේකම්වරන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ග්‍රාම නිළධාරිවරුන් පළාත් බලතල වලින් ඉවත් කර මධ්‍යම රජය යටතට අනුයුක්ත කරනු ලැබීය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලබාදී ඇති ඉතා අල්ප බලතල වන ඉඩම්, පොලිස් බලතල පවා සිංහල ආණ්ඩු විසින් ලබාදීමක් සිදු කර නැත. සිංහල ආණ්ඩු යනු ලණුදීමෙහිලා සක්විති රජවරුන්ය. මෙය ඉන්දියාව තේරුම් ගත යුතුය. ඔවුන් තමන්ගේ කාර්යය ඉටුවන තෙක් කකුල අල්ලති. එයින් පසුව බෙල්ල අල්ලති. ඉන්දියාවත් ශ්‍රි ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවත් එකිනෙකාට උපකාර කර නොගන්නේ නම් එය දෙපාර්ශවයට එකම ඉරණමක් අත් කර දෙනු ඇත.

Related posts

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

2015 වසරේ ස්‌ත්‍රී දූෂණ 1854 ක්‌ – 16 ට අඩු ගැහැනු දරුවන් 1209 ක් කැමැත්තෙන් දුෂණය වෙලා

colombotoday

මෛත්‍රී යටතේ අලුත් සන්ධානයක් ! රටට ආදරේ අය එකතු වෙන්න. බැරි අය පැත්තකට වෙන්න

colombotoday

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

colombotoday

ඌව මහ ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව වෛද්‍යවරු වැඩ වර්ජනයක – රෝහලේ නිළ නිවාසයකට පහරදීලා

colombotoday

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday