Colombo Today Local News

ජාතික විධායක සභාව – දූෂණ විරෝධී කමිටුව ව්‍යවස්ථාවට පටහැනියි – FCIDයත් නීති විරෝධියි

ඉකුත් යහපාලන ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය විසින් පිහිට වූ ජාතික විධායක සභාවත්, ඒ මගින් ඇති කළ දූෂණ විරෝධී කමිටු කාර්යාලයත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම දූෂණ විරෝධී කමිටු කාර්යාලය මගින් පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ද ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද එහි සඳහන් වෙයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර දඬුවම් ලබාදීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දීමට බලය පැවරෙන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙසද දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත.

Related posts

නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නඩු පවරන්න අල්ලස් කොමිසම ලිඛිත අනුමැතියක් තිබේදැයි පරීක්ෂා කිරිම ජනවාරි 20 වැනිදාට

colombotoday

බදියුදීන්ට නොතීසි

colombotoday

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට රජයෙන් වන්දි !

colombotoday

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

colombotoday

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin