Covid 19

මල්වානේ කොරෝනා මෘතදේහය ඥාතීන් එපාලු

බියගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරුවීම මත ඔහුගේ දේහය භාර ගැනීම ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කළහ.

ඒ අනුව එම මෘත දේහය මේ වන විට රාගම මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර දින 14 ක් ගතවීමෙන් පසුව එය රජයේ වියදමින් ආදාහනය කිරීමට නියමිතය.

එසේ මියගියේ මල්වානේ උලහිටිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි දෙදරු පියෙකි.

මොහුට හදිසියේ හටගත් පපුවේ ආබාධයකට බියගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙන අතර එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයකු බවට ඉකුත් 31 වැනිදා තහවුරු විණි.

Related posts

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 125ක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 311 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday