Colombo Today Local News

බන්ධනාගාරගත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ලග දුරකථන

කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, දුරකථන බැටරි 11ක් සිම්කාඩ් පත් 10ක් සොයාගෙන තිබේ.

ඒ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් හදිස්සියේ කරන ලද සෝදිසි කිරීමකදී ය.

ඊයේ (04)දින රාත්‍රී 8.45 ට පමණ එම සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.

මේ අතර කෑගල්ල බන්ධනාගාරයේ A4 අංශයේ විශේෂ සිරමැදිරියේ රඳවා ඇති පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සන්තකයේ තිබී තවත් දුරකථන තුනක් සොයාගෙන ඇත.

එම අංශයේම රඳවා සිටින අයිස් කාන් නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සන්තකයේ තිබී ද දුරකථන දෙකක් සොයාගෙන ඇතිඅතර දුම්වැටි සහ දුම්කොළ ප්‍රමාණයක්ද සොයාගැනීමට බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සමත් වී තිබේ.

Related posts

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

colombotoday

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday

බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය ගෙවන්න සැරසෙයි

Admin

ගංජා සහ අන්තර්ජාලය නිසා ශ්‍රී ලංකාවේ මානසික රෝගීන් බහුල වෙලා

colombotoday

වැඩිකර දෙන්න පොරොන්දු වූ 2500 ජනවාරි වැටුපට නෑ..

colombotoday

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

Admin