Colombo Today Local News

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින් වතු කම්කරු වෘත්තීය සමිති අද (05) එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමින් නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ කරඇති බව වාර්තාවේ.

ඒ අනුව කිසිඳු වතුකම්කරුවෙක් අද දිනයේ මේ වනතෙක් සේවයට වාර්තාකර නොතිබූ බව ද වාර්තාවේ.

වතු පාසල්වල ගුරුවරුන් අද අසනීප නිවාඩු වාර්තා කරඇති අතර කෙටිදුර ධාවනයේ යෙදෙන බස්රථ ද ධාවනයෙන් ඉවත්ව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළකර ඇති බව වාර්තා වේ.

Related posts

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති සහ විදේශ ඇමති හමුවෙයි

colombotoday

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

colombotoday

මධුමාධව පිවිතුරු හෙළ උරුමය හැර යයි !

colombotoday

ඖෂධ වංචාවේ ලොක්කා අංගොඩට.කෙහෙළියත් පූර්ණ අංග-විලකල වෙන්න ආසන්නයි

Admin

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday