Colombo Today Local News

විදේශගතව සිටින ‘බඩෝවිට ලොකු’ අත්අඩංගුවට ගන්නැයි, වරෙන්තු

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ 19 වන සැකකරු ලෙස නම් කර සිටින දැනට විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “බඩෝවිට ලොකූ” නැමැත්තා වහාම අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02)දින විවෘත වරෙන්තු නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීම සලකාබැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම වරෙන්තු නිකුත් කෙරිණි.

එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ 19වන සැකකරු ලෙස නම්කර සිටින දළුගොඩ ආරච්චිගේ රජිත අසංක හෙවත් බඩෝවිට ලොකූ නමැති සැකකරු එම නඩුවේ සෙසු සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින්ගෙන් මත්ද්‍රව්‍ය තොග ලබාගෙන ජාවාරම්කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.

බඩෝවිට ලොකූ නැමැති සැකකරු මේ වනවිට විදේශයකට පළාගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටී.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම විවෘත වරෙන්තු නිකුත්කිරීම සිදුකළේය.

Related posts

පුරාවිද්‍යා බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා දැයට අහිමිවන වසම්මලේ චිත්‍ර ලෙන් සංකීර්ණය (Photo)

colombotoday

යෝජිත අන්තර්වාර ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු කරුණු 12ක් ගැන පරිපාලන නිලධාරීන්ගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ස්වීට්සර්ලන්ත තානාපතිනී සහ අධිකරණ ඇමති අතර හමුවක්

Admin

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

පාච රණවක අත්අඩංගුවට ගත්තේ රිය අනතුරකට නොවේ – නීතිඥ උදය ගම්මන්පිල

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ණය හිමියන් එකම වේදිකාවකට

Admin