Colombo Today Local News

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

මත්ස්‍ය ගහනය වැඩිකිරීම සදහා අබලන් වු බහුදින ධීවර යාත්‍රා හා අබලන් බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවේ දි රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.

“මුහුදු පතුලේ තැන්පත් කිරිම සදහා අබලන් බස් රථ ශ්‍රී ලංගමයෙන් මිලදීගෙන තියෙනවා. මේවා මුහුදේ තැන්පත් කිරීම තුලින් ඒ ආශ්‍රිතව මත්ස්‍ය පැටව් බෝවෙනවා. සංචාරක ආකර්ශනය ඇති කිරීමටත් එය විශාල පිටුවහලක් වෙනවා. ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව අබලන් බහුදින යාත්‍රා සහ බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීම අපි ආරම්භ කළා. දකුණු මුහුදු තිරය කේන්ද්‍රකරගෙන ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනවා ” යැයිද රාජ්‍ය ඇමතිවරයා කිවේය.

මෙම කමිටු රැස්විම සදහා ඇමතිවරුන්වන රමේෂ් පතිරණ,දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමති වත්මන් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්වන ඉසුරු දොඩංගොඩ, සම්පත් අතුකොරළ යන මහත්වරුද එක්ව සිටියහ.

Related posts

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

colombotoday

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

colombotoday

එක්නැළිගොඩ ඝාතනයට අණ දුන් ලොක්කෙක් ළගදීම අත්අඩංගුවට ?

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

colombotoday

කච්චතිව් මංගල්‍යයට යන බැතිමතුන් සීමා කිරීමට රජයෙන් තීරණයක්

colombotoday

“මේ ආණ්ඩුව වැඩක් නෑ.. අළුත් ආණ්ඩුවක් ඕන.. ජාතිවාදීන්ට යළි බලය ගන්න දෙන්නෑ“ -අනුර දිසානායක

colombotoday