Colombo Today Local News

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

මුලතිව් තන්නිමුරිප්පු කුරුන්තූර්මලෙයි පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම භූමිය සම්බන්ධයෙන් මේවන විටත් ලබාදී ඇති අධිකරණ නියෝගයකට අපහාස වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි යන්න චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හා තවත් පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ඔවුන්ට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු කිරීමට ද නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැවසීය.

මෙම නඩුව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා විසින් ගොනු කිරීමට නියමිතය.

කුරුන්තූර් මලෙයි පුජා භූමියේ තිබුණු හින්දු ආගමික සලකුණ විනාශ කර දැමීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන තුරෙයිරාසා රවිහරන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්නරාසා. ලෝගේෂ්වරන් යන මහත්වරු සුමන්තිරන් මහතා හමුවී සාකච්ඡා කළ අතර ඊට අදාළ තොරතුරු ලේඛන සුමන්තිරන් මහතා වෙත ඔවුහු බාර දුන්හ.

මුලතිව් කුරුන්තූර් මලෙයි ප්‍රදේශයේ හින්දු ආගමික බැතිමතුන් විසින් පුදපුජා පැවැත්වු ස්ථානයක් බවත් එම ස්ථානයේ ත්‍රිශූල ඇතුළු සලකුණු විනාශ කර ඇති බව සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීධරන් හා චාලස් නිමලනාදන් යන මන්ත්‍රීවරු මුලතිව් පොලිසියට පැමිණිලි කළහ. එම සන්ධානය සඳහන් කරන්නේ මෙම ස්ථානය සම්බන්ධයෙන් දැනටමත් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් ඇති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු රජයේ නිළධාරීන් පිරිසක් එම නියෝගයට පටහැනිව කටයුතු කර ඇති බැවින් ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

මේ අතර පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු පිරිසක් පසුගියදා එම ප්‍රදේශයේ නීරික්ෂණ චාරිකාව නිරත වු අතර උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ එම ස්ථානයේ අග්බෝ රජු විසින් තනවන ලද කුරුන්ද මහා විහාරය පැවති බවයි.

Related posts

චන්ද්‍රිකාගේ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.. නිල නිවේදනය මෙන්න

colombotoday

ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරය සංගක්කාරට

Admin

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

හිර බතත් බරක් වෙයි

colombotoday

අය වැයට පෙර මහ පෙරළියක් !! ශ්‍රීලනිපය – ඒකාබද්ධය රහස් සාකච්ඡාවක..

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday