Colombo Today Local News

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ඊයේ (29) දිනයේ එන්නත් ලබාදුන් පුද්ගලයින් කිසිවෙකුගෙන් ආසාත්මිකතාවන් වාර්තා නොවන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

මේ අතර එන්නත් ලබාගත් ඇතැම් අයට සුළු වශයෙන් උණ තත්ත්වයක් වාර්තා වන බව ද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධ අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,

“ඊයේ ආරම්භ කරන ලද එන්නත් ක්‍රියාවලිය අද දිනයේ දීත් ඉතා සාර්ථකව සිද්ධවෙනවා. ඊයේ එන්නත් ලබාගත් සමහර අයට උණ තත්ත්වයක් ඇති වීම වාර්තා වෙනවා. ඒක එන්නතක් ලබා ගත්තාම සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් දෙයක්. අපි දන්නවා පුංචි ළමයින්ට එන්නත් දුන්නහම ළමයින් සමහර අයට උණ එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක නැතුව මේක නිසා ඇති වු ආසාත්මික තත්ත්වයන් වාර්තා වෙලා නෑ. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් තමයි අපි විශේෂයෙන්ම පරිස්සම් වෙන්නේ. මේ ප්‍රශ්නයක් නැතුව දිගටම කරන්න හැකියාව තියෙනවා.“

කොවිඩ් රෝගය මර්දනය කිරීම සඳහා හඳුන්වාදී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දිවයින පුරා රෝහල්වල ලබාදීමේ කටයුතු අද (30) දිනයේ සිට ආරම්භ කර තිබේ.

අදාළ එන්නත ලබාදීමේ කටයුතු ඊයේ දිනයේ පළමු වරට ආරම්භ වූ අතර කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිත ස්ථාන 10 කදී එන්නත් ලබාදීම ආරම්භ කරනු ලැබීය.

එහිදී පුද්ගලයින් 5,286 දෙනෙකුට එන්නත් ලබාදීම සිදුකර ඇති අතර අද දිනයේ සෙසු දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල් ආශ්‍රිතව එන්නත් ලබාදීම සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

Related posts

චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

GSP බදු සහනය අත්හිටුවීම ලංකාවට තදටම දැනෙයි.. ඇමරිකානු තානාපති කියයි

colombotoday

කොළඹ කොටුව ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

Admin

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday

‘නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ’

colombotoday

පොහොර සැපයීම සහතික කරන්න ඩොලර් මිලියන 600ක් අවශ්‍යයි

colombotoday