Colombo Today Local News

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ‘හෑෂ්’ මත් පැණි කිලෝවක් සමග සැකකරුවකු අත්අඩංගුවට

මෙරටින් ප්‍රථම වරට හඳුනාගත් ‘හෑෂ්’ නමැති මත්ද්‍රව්‍ය පැණි කිලෝවක් සමග සැකකරුවකු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය මගින් මහරගම ඇරැව්වලදී පෙරේදා (27)දින අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් ලක්ෂ හැටකට අධික වටිනාකමින් යුත් මෙම මත්ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට එවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරු තිස්එක් හැවිරිදි ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි තීන්ත ව්‍යාපාරිකයෙකි.

තරුපහේ හෝටල් සමාජශාලාවලට මෙම සැකකරු මත්ද්‍රව්‍ය බෙදා හැරීම කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරගෙන යයි.

මෙම ජාවාරම් ජාලයේ අනෙකුත් සැකකරුවන් සොයා මිහිඳු මාවත සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය විමර්ශන කරයි.

Related posts

මීළග ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීයි… පොදුජන පෙරමුණේ ඡන්දත් සමග පහසුවෙන් ජයගත හැකියි – මහින්ද කියයි

colombotoday

“හිටපු ජනපතිතුමාගේ දරුවා හිරේ යැවීම ජයග්‍රහණයක් නොවේ” – හරීන්

colombotoday

කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි

colombotoday

ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනා ගැනේ

colombotoday

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday