Colombo Today Local News

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

ඉන්ධන මිල සංශෝධනයක් කරන ලෙසට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ඉදිරිපත්කළ ඇමැති මණ්ඩල යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (25) දින රාත්‍රියේ පැවැත්විණි. යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මිල සංශෝධනයක් කර ජනතාවට අසීරුතාවට පත් කළ නොහැකි බවයි. හැකි නම් ඉන්ධන සඳහා අය කරන බදු අඩු කිරීමට ඇති හැකියාව මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 57 දක්වා වැඩි වී ඇති බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පෙන්වා දී තිබේ. එම නිසා සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 16කට අධික පාඩුවක් ලබන බව ඔහු ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත.

Related posts

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කෙරේ

colombotoday

නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටී සෙබළකු අතුරුදහන්… දෙදෙනෙක් රෝහලේ

colombotoday

විශ්‍රාම ගැනීමෙන් පසුවත් පැජට් පාරේ නිල නිවස මෛත්‍රීට !

colombotoday

කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය සෑහෙන කාලයක් තිබුණා- අනුර

colombotoday

හොරොව්පතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

colombotoday

විදුලි රැහැනක් ඇද ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට

Admin