World

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අයතුල්ලා අලි කමෙනි ගෙන් මරණීය තර්ජන

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනයක් ආකාරයේ පණිවුඩයක් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි ඔහුගේ නිල වෙබ් අඩවියෙහි පළ කර ඇත. එම ප්‍රහාරය එල්ල කරන බවට ඉඟි කර ඇත්තේ ට්‍රම්ප් ගොල්ෆ් පිටියක ක්‍රීඩා කරමින් සිටින අතරය. මෙයට අදාළ සංස්කරණය කරන ලද ඡායාරූපයක්ද එහි පළ කර තිබේ.

ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටින ආකාරයත්, ඔහුට ඉහළින් ඇති ප්‍රහාරක ගුවන්යානයක හෝ ඩ්‍රෝන යානයක සෙවණැල්ලක් ඔහු මත වැටී ඇති ආකාරයත් එහි දැක් වේ. මෙම ඡායාරූපය සමග කෙටි වැකියක්ද පළ කර තිබේ. එහි සඳහන් වන්නේ ‘පලිගැනීම ස්ථිරයි’ යනුවෙනි. පසුගිය වසරේ ජනවාරි මාසයේ ඇමරිකාව විසින් ඉරානයේ ඉහළම හමුදා ප්‍රධානියකු වූ ජනරාල් කාසෙම් සුලෙයිමානි ඩ්‍රෝන ප්‍රහාරයක් හරහා ඝාතනය කරන ලද අතර ඉරානය ට්‍රම්ප්ගෙන් පලිගන්නට සැරසෙන්නේ ඒ වෙනුවෙන් බව පෙනේ. සොලෙයිමානි ඝාතනයට උපදෙස් දුන්නේ ට්‍රම්ප් බව ඒ දිනවල සඳහන් විය.

ඉහත කී තර්ජනය අලි කමෙනිගේ ට්විටර් ගිණුමකද දක්නට ලැබුණු බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් පසුව එය එම ගිණුමෙන් ඉවත් කර තිබූ බැව් පැවසේ. ‘සොලෙයිමානිගේ ඝාතනයට අණ දුන් ඔහුගේ මිනීමරුවාට වන්දි ගෙවීමට සිදුවනු ඇත’ යනුවෙන් එහි සඳහන්ව තිබී ඇත.

Related posts

ලෝක බලවතුන්ගේ විරෝධය මැද ජනප්‍රිය මල්ලව පොර ශුරයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි

colombotoday

රාජ්‍ය උත්සවයකදී නින්ද ගිය වරදට උතුරු කොරියාවේ ඇමතිවරයෙක් වෙඩි තබා මරයි

colombotoday

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

ස්පාඤ්ඤයේදී නීති විරෝධී දුම්කොළ නිෂ්පාදනය කළ යුක්‍රේනියානුවන් 27ක් අත්අඩංගුවට

Admin

2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට

colombotoday

ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ හවුති කැරලිකරුවන් ට දැඩි අනතුරු ඇඟවීමක්

colombotoday