Covid 19

කරවනැල්ල රෝහලේ වෛද්‍යවරු 05කට කොරෝනා

කරවනැල්ල රෝහලේ සේවය කරන වෛද්‍යවරු පස් දෙනෙකුට 23 වැනිදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහලේ සේවය කරන වෛද්‍යවරු තිස් දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර එම පරීක්ෂණයේදී වෛද්‍යවරු පස් දෙනෙකුට කොරෝනා බවට තහවුරු වී ඇත.

මේ අනුව කරවනැල්ල මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර කිරීම සීමා කර ඇති අතර අනිකුත් සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

Related posts

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday

පොළොන්නරුවේ පාසලක සිසුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday

මෙරට කොරෝනා මරණ ගණන 74 දක්වා ඉහළට

colombotoday

තවත් 29ක් කොරෝනා බිලි ගනී

colombotoday

කොවිඩ් ආසාදිතයින් 674 ක් හදුනා ගැනේ

colombotoday