Colombo Today Local News

යහපාලන සමයේ පෙළපාළි වලට ගැසූ පොලිසියට ලක්ෂ 26ක් තෑගි

යහපාලන ආණ්ඩුව සමයේ සිරසවි සිසුන් හා වෘත්තීය සමිති ඇතුළු විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ හා පෙළපාළි 111කට ජල ප්‍රහාර එල්ල කරමින් කැරළි මර්දනය කළ පොලිස් නිලධාරීන්ට තෑගි ලෙස රුපියල් විසිපන් ලක්ෂ හතළිස් නවදහසක් ගෙවා ඇත. පොලිස් මූලස්ථානය මගින් මෙම මුදල් ගෙවා තිබේ.

මෙම මුදල ගෙවා ඇත්තේ පසුගිය 2015-2019 වර්ෂවල කැරලි මර්දනය හා ජල ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙනි. එම කාලසීමාවේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාර 1653කින් උද්ඝෝෂණ 111කට ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීම වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇත.

එක් වතාවකදී ජල ප්‍රහාරයක් එල්ල කිරීම වෙනුවෙන් රු. 6000ක දීමනාවක් ලබා දී ඇත.

වත්මන් රජය බලයට පත් වූ පසු කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙන්ම උද්ඝෝෂණය කිරීමට වෙන් කළ ගාලු මුවදොර භූමියේ පමණක් උද්ඝෝෂණ 104ක් ද පෙළපාළි 58ක් හා සත්‍යග්‍රහ 03ක් පැවතුනද කැරළි මර්දන නිලධාරීන් ඊට කිසිදු පහරදීමක් කර නැතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

එම කාල සීමාවේ බස්නාහිර පළාත පුරා උද්ඝෝෂණ 314ක් හා පෙළපාළි 80ක්ද, සත්‍යග්‍රහ 15ක්ද, උපවාස 06ක් පවත්වා ඇත.

එහෙත් මෙම වකවානුවේ ජල ප්‍රහාරක රථ මගින් කැරලි මර්දන නිලධාරීන් යොදවා පහරදීමක් කර නැති නිසා කිසිදු ත්‍යාග මුදලක් ගෙවීමට සිදු වී නැත.

Related posts

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

colombotoday

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday

“ශාසනමාමක ජන ප්‍රසාදිනී“ – අස්ගිරියෙන් ඇමති කිරිඇල්ලට ගෞරව නාමයක්

colombotoday

20 ට සහය දැක්වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට සමාව දුන්නා. | රවුෆ් හකීම් කියයි

colombotoday

අගමැති ගන්නවා කි සමෘද්ධි බැංකුව හැරිසන් දෙන්න බෑ කියයි

colombotoday

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday