Colombo Today Local News

කුඩා රාවණා පරයේ අනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

කුඩා රාවණාකොටුව ආසන්නයේ දී අනතුරට ලක් වූ සිමෙන්ති ප්‍රවාහන නෞකාවේ වත්මන් තත්ත්වය නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බව නාවික හමුදාව පවසයි.

අද (24)දින උදෑසන කිමිදුම්කරුවන් කණ්ඩායමක් නෞකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කළ අතර මේ දක්වා සිදුකළ සොයා බැලීම්වලදී නෞකාවේ බඳ කොටසට හානි සිදුව ඇති බවට නිරීක්ෂණය වී තිබේ.

කෙසේවෙතත් අනතුරෙන් නෞකාවේ ඉදිරිපස සහ පිටුපස කොටසට හානියක් සිදුව නොමැති අතර ඉන්ධන කාන්දුවක් සිදුවීමේ අවදානමක් ද නොමැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ලයිබිරියානු ධජය යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ත්‍රීකුණාමලය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු යුරෝසන් නැමති මෙම යත්‍රාව ඊයේ (23)දින පෙරවරුවේ කුඩා රාවණා කොටුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබුණි.

බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොදාගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද නෞකාවේ තත්ත්වය ගුවනින් නිරික්ෂණය කරමින් සිටින බව ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කළේය.

Related posts

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ජනාධිපති වූ පසු අමාත්‍යංශ සියල්ලම මගේ යටතට ගන්නවා

Admin

(VIDEO) “සෝභිත හිමි ඝාතනය නොවූ බවට ඇතැම් අය තීන්දුවත් දීල ඉවරයි.. මේ ගැනත් ඇතිවන්නේ සැකයක්” – උඩුවේ හිමි

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday