Colombo Today Local News

මුලතිව්, කුරුන්තූර්මලෙයි පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය.

මුලතිව්, කුරුන්තූර්මලෙයි, ප්‍රදේශයේ පිහිටි ෂිවන් අයියනාර් කෝවිල පිහිටි බව කියන ස්ථානය පුරාවිද්‍යා කැනීම් සිදු කරන බව පවසමින් සිය ජනතාව ජීවත් වන එම ප්‍රදේශය සැලසුම් සහගතව රජය විසින් අත්පත් කර ගනිමින් සිටින බවට දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා චෝදනා කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එම ස්ථානය නිරීක්ෂණය කිරිමට ගිය අවස්ථාවේදීය.

හෙතෙම පැවසුවේ පුරාවිද්‍යා කැනීම් සිදු කළ යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු නිළධාරීන් පමණක් බවත් එසේ තිබියදි එවැනි කටයුතු සඳහා හමුදාව යොදවා ගන්නේ කවර හේතුවක් නිසාදැයිද යන්න දෙමළ මහජන නියෝජීතයින් වන ඔවුන්ට විශාල ගැටලුවක් බවත්ය.

එම නිරීක්ෂණ චාරිකාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රකුමාර් මහතා පැවසුවේ කුරුන්තූර් මලෙයි ප්‍රදේශය අවට ගම්මාන වල දෙමළ ජනතාව පාරම්පරිකව ජීවත් වන බවත් වර්තමානයේදි පුරාවිද්‍යා කැනීම් යැයි පවසමින් එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම සිංහල ජනපදකරණයට ලක් කීරීමේ වෑයමක් පවතින බවත්ය.

එමෙන්ම ඉතා වටිනා කැළෑ ගස් රාශියක් කපා දමා ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මෙම ස්ථානය කවර ස්ථානයක්ද යන්න තීරණය කළ යුත්තේ පුරාවිද්‍යා කැනීම් අවසන් කිරිමෙන් පසුව බවද එහෙත් එයට පෙර මෙම කැළෑ ප්‍රදේශය විනාශ කර ගොඩනැගිලි ඉදි කිරීම කිසිසෙත් පිළිගත නොහැකි බවටද චෝදනා කර සිටියේය.

මහජන නියෝජීතයින් වන තමන්ට මෙන්ම තමන් සමඟ පැමිණි මාධ්‍යවේදීන්ට මෙම ස්ථානයට පැමිණිමට ආරක්ෂක අංශ විසින් බාධා කිරීම මගින් මෙම ස්ථානයේ රහසිගත ක්‍රියාවක් සිදු වන්නේද යන්න පිළිබඳ සැකයක් පවතින බව පැවසු ඒ මහතා ප්‍රදේශයේ හින්දු බැතිමතුන් දීර්ඝ කාලයක් තිස්සේ වන්දනාමාන කළ දෙමළ ජනතාවගේ ඓතිහාසික උරුමයන් මෙයාකාරයෙන් විනාශ කර දැමීම හෙළා දකින බවද වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් මෙම පිරිසට ආරක්ෂක අංශ දන්වා සිටියේ නිසි අවසරයක් නොමැතිව රක්ෂිතය තුළට යාමට අවසර ලබාදිය නොහැකි බවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේලවම් අඩෙක්කලනාදන් මහතා ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් සහභාගි වී සිටියහ.

කෙසේ වෙතත් අද (19) දිනයේ දි ජාතික උරුම ප්‍රසංග කලා ශීල්පි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ආරම්භ කෙරුණි.

Related posts

මොන බ-ල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා

Admin

මහනුවර නගරයේ රථවාහන තදබදය ආණ්ඩුකාර වරයාගේ අවධානයට

colombotoday

ප්‍රමිතියෙන් බාලයි: වෘත්තීය සමිති කීවත් ඉන්දියාවෙන් දුම්රිය මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

colombotoday

ජනපති ඝාතනය වුණොත් වාසයි එජාපයටයි… අගමැති රනිල් ‘වැඩ බලන ජනපති‘ වීමේ සිහිනයකට…

colombotoday

සඳුදාට පෙර වැඩ අරඹන්න.. දිවුරුම් දුන් ඇමතිවරුන්ට දැනුම් දීමක්

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

colombotoday