Covid 19

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්… කුරුණෑගලත් ආසාදිතයින් 50 පනී.

අද (19)දින උදෑසන වනවිට මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 674 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 47 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 627 දෙනා හඳුනාගෙන ඇත්තේ, දේශීයවයි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 197කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 165 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 ක් ලෙස වාර්තා වී තිබේ.

අනෙක් ආසාදිතයින් 211 දෙනා හඳුනා ගෙන ඇත්තේ, සෙසු දිස්ත්‍රික්කවලිනි.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 53,750ක් වන අතර සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 45,820කි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 7660ක් පමණි.

ඊයේ දිනය තුළ මෙරටින් තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව ද 270ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වී තිබුණේ, උතුරු කළුතර, කොළඹ – 15, මෝදර, කොළඹ – 3, දෙහිවල සහ රත්නපුර යන ප්‍රදේශවලිනි.

අද උදෑසන වන විට විදෙස් රටවල සිට ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර අද දිනයේ තවත් පිරිසක් පැමිණීමට නියමිත අතර එලෙස පැමිණෙන සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළදී නිරෝධායනය කෙරෙනු ඇති.

ඊයේ (18) දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 14,984 කි.

Related posts

කිසිදු හේතුවක් මත එලියට බැසීම තහනම්. ඇඳිරිනීතිය අකුරටම

colombotoday

රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.

colombotoday

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

colombotoday

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday

කොළඹ ගම්පහ කලුතර අවධානම් කළාප වෙයි – නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය. – අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලටම

colombotoday

ඊයේ දෙවන රැල්ලේ නව ආසාදිතයින් 400ක්

colombotoday