World

ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවීම්.. අමෙරිකාවේ ආරක්ෂාව දැඩි කෙරේ.

අමෙරිකානු අභිනව ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දිමේ උත්සවයට සමගාමීව එරට මේ සති අන්තයේ දී ආයුධ සන්නද්ධ විරෝධතා ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව අමෙරිකාවේ සියලු ප්‍රාන්ත සහ කොළම්බියා හි දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව වාර්තා වේ.

ඇතැම් වෙළෙඳසැල් වසා දමා මාර්ග බාධක යොදමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති අතර වොෂිංටන් ඩීසී අගනුවර ආරක්ෂාව සඳහා ජාතික ආරක්ෂක බලකායේ භටයින් 20,000ක් පමණ යොදවා තිබේ.

ගිනි අවිදෙකක් සහ උණ්ඩ තොගයක් සමග ඊයේ වර්ජිනියා ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ.

ලබන බදාදා පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට තමන් සහභාගී නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් ප්‍රකාශ කර තිබේ.

Related posts

වසර 14කට පසු ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යයි

colombotoday

කොවිඩ් -19 මුස්ලිම් ලෝකයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. එවැනි වෛරසයක් නෑ. | නඩුවක් දැමූ අසාර් අබ්බාස්ට දඩ.

colombotoday

බ්‍රිතාන්‍ය අසරණ කල නව කොවිඩ් ප්‍රභේදය

colombotoday

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

colombotoday

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday