Colombo Today Local News

සේරුවාවිල රත්තරන් ගවේෂණයට ඇමෙයිකා සමාගමට බලපත‍්‍රයක් දුන්නා | භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය

සේරුවාවිල ප‍්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ඛනිජ නිධියේ පවතින රත්තරන් ඇතුළු අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය සඳහා මීට මාසයකට පමණ පෙරදී ඇමෙයිකා නමැති

සමාගමක් සඳහා තම ආයතනය මගින් ගවේෂණ බලපත‍්‍රයක් නිකුත් කර ඇතැයි භූ විද්‍යා සහ පතල් කැණීම් සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරීහු පවසති.

මෙම සමාගම කැනේඩියා-ශ‍්‍රී ලංකා අනුබද්ධ සමාගමක් බවත්, සේරුවාවිල නිධියේ වර්ග කිලෝමීටර් හයක වපසරියක් තුළ මෙම බලපත‍්‍රයට අනුව ඔවුන්ට සමීක්ෂණ කටයුතු සිදු කළ හැකි බවත් එම නිලධාරීහු අනාවරණය කළහ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) පරිසර අමාත්‍යාංශ

ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස නිලධාරීහු මෙම කරුණු අනාවරණය කළහ. ගවේෂණ බලපත‍්‍ර ලබාගෙන සමීක්ෂණ කටයුතු සිදු කළද ඔවුන්ට කැණීම් බලපත‍්‍ර අනිවාර්යයෙන් ලබා දිය යුතු බවට නීතියක් නැති බව ඔවුහු මෙහිදී සඳහන් කළහ. මෙම අවස්ථාවට පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Related posts

හරීන් මහා ඉඩම් මංකොල්ලයක

Admin

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

colombotoday

‘පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන බව පිළිගන්නවා’

Admin

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි

colombotoday

නිදහස් දින සැමරුම් අවම පිරිවැයක් යටතේ කරන්න ජනපති උපදෙස්

Admin

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday