Colombo Today Local News

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

කොළඹ ඇතුළු තදාසන්න නගරවල පොදු ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑම සදහා ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සුඛෝපභෝගී නව බස් රථ 200ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පෞද්ගලික වාහන හේතුවෙන් ඇතිවන මාර්ග තදබදයට පිළියමක් ලෙස මගීන්ට සුවපහසුවෙන් ගමන් කළ හැකි නවීන පහසුකම් සහිත පොදු ප‍්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑම රජයේ අපේක්‍ෂාව බව සම කැබිනට් ප‍්‍රකාශක බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

කොළඹ ඇතුළු තදාසන්න නගර ආසන්නයේ වාහන නවතා තැබීමේ පහසුකම් ඇති කර විවිධ කාර්යයන් සඳහා නගරයට එන පිරිස්වලට එතැන් සිට තම අවශ්‍යතාවන් සදහා මෙම පොදු ප‍්‍රවාහන සේවය ඔස්සේ ගමන් කිරීමට හැකි වනු ඇත. ඒ අනුව පෞද්ගලික වාහන හේතුවෙන් ඇති වෙන වාහන තදබදය අවම වෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

දැනට ඇති බස් රථවලට වඩා මගී සුවපහසුව සහිත කෙටි දුර ධාවනය සඳහා උචිත බස් රථ මිල දී ගැනීමේ ඇති අවශ්‍යතාව මත ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමි වූ බවද ඇමැතිවරයා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීම සදහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ ඊයේ (12) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කළේය.

Related posts

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

colombotoday

වැලිකඩ බන්ධනගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමකවරයෙකු මාට්ටු

Admin

තවත් කොරෝනා රෝගීන් 7 ක් වාර්තා වෙයි. රෝගීන් සංඛ්‍යාව 330 දක්වා ඉහලට

colombotoday

ආණ්ඩුව පෙරළා දමනවා – ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

colombotoday

මඩ ප්‍රහාරවලට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් පිළිතුරු

colombotoday