අම්බලන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයේ ලිපි බෙදන්නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති හෙයින් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
ඒ අනුව, තැපැල් කාර්යාලයේ සේවයේ නියුතු තැපැල් සේවකයින් 34 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබේ.
අම්බලන්තොට නගරයේ වෙළඳසැල්, රාජ්‍ය බැංකු හා තැපැල් කාර්යාලයේ කළ අහඹු පි.සී.ආර් පරීක්ෂණවලට අනුව, මෙම ආසාදිතයා හඳුනාගැණිනි.