Colombo Today Local News

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

බෝගම්බර, දුම්බර බන්ධනාගාරයේ නියාමකවරයෙක් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ගෙන යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසිය වෙත භාර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා,

“බෝගම්බර, දුම්බර බන්ධනාගාරයේ සේවය කරන වසර 8කට සේවා කාලයක් හිමි බන්ධනාගාර නියාමකවරයෙක් පෙරේදා දිනයේ දී, බන්ධනාගාරය තුළට යාමේදී නිලධාරීන් විසින් සොදිසි කරලා තියෙනවා. මේ සෝදිසි කිරීමේදී ඔහු ළඟ තිබී කේරළ ගංජා, හෙරෝයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. ඇත්තෙන්ම ඔහු සේවයට යොදවලා තිබුණේ බන්ධනාගාරයෙන් පිටත රෝහල් රාජකාරියකට. ඔහු එම රෝහල් රාජකාරියට යාමට පෙර බන්ධනාගාරය තුළට යාමට උත්සහ කරද්දි තමයි බන්ධනාගාර නිලධාරීන් විසින් සොදිසි කළේ. ඔහුගේ වැඩිදුර පරික්ෂණ සඳහා පොලීසියට බාර දුන්නා. පසුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තා.”

Related posts

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday

“රණවිරුවන් හිරේ දමද්දී හමුදාපති බුදිද“ – ඥාණසාර හිමියන් උසාවියෙන් නික්ම යද්දී අසයි

colombotoday

ඇමති මහින්ද අමරවීරට කොවිඩ්

colombotoday

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

colombotoday

පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පළමු වරට කාන්තා නිලධාරිනියක්

colombotoday

බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා දිවයිනට

Admin