Colombo Today Local News

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොළ ප්‍රදේශයේ සිදුකළ ලේ දන්දීමේ වැඩසටහනකට එක් වූ පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඉදිගොල්ල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ‍, අදාළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු සුසන්ත බණ්ඩාර මහතා,

“මෝරුපොළ ග්‍රාම නිලධාරී වසමේ ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වලා තියෙනවා පසුගිය 03 වන දා. තරුණ කැල තමයි පවත්වලා තියෙන්නේ. ඒ වැඩසටහනෙන් පස්සේ ඒ අය හවස සාදයක් පවත්වලා තියෙනවා. ඒ සාදයට සම්බන්ධ වුණ තුන්දෙනෙක් දැනට පොසිටිව් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සාදයට ආපු ළමයි 19 දෙනෙක් නිරෝධායනය කළා. නිවාස 19 තුළ 108 දෙනෙක් දැනට නිරෝධායනයට දැම්මා. වෛද්‍ය නිලධාරීතුමා විසින් ඒ ලේ බැංකුවට දන්වලා තියෙනවා ඒ ලේ දන් දුන්න පුද්ගලයින් පොසිටිව් වුණා කියලා.”

Related posts

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

colombotoday

ජිවිත තුනක් අළුකළ කටුගස්තොට නිවසට ගිනිතැබුවේ කව්ද? පිළිස්නු මව හෙළිකරයි

colombotoday

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday

බදියුදීන් හා කාදර් මස්තාන් ගැටෙයි 05ක් රෝහලේ

colombotoday