Covid 19

හෝමාගම රෝහලේ නරක්වෙමින් තිබු කොවිඩ් මළ සිරුරු ප්‍රා.සභා වියදමින් ආදාහනය කරයි

හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගණනාවක් තබා තිබූ කොවිඩ් මෘත ශරීර හතක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ ආදාහනය කිරීමට තීරණය කර තිබේ.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ වියදමින් මෙම කොවිඩ් මළ සිරුරුවලට මිනී පෙට්ටි ලබාදීමටද කටයුතු කළ බවත් ඊයේ (5)දිනයේදී එම මළසිරුරු දෙකක් ආදාහනය කළ බවත් හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ පැවසීය.

දින ගණනාවක් තිස්සේ හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු 07ක් තිබී තිබුණේ රජයේ වියදමින් ආදාහනය කිරීමට ​මිනිපෙට්ටි ලබාගත නොහැකි වීමෙනි.

හෝමාගම රෝහලේ මෘත ශරීරාගාර​යේ ශීතාගාරවල මෘත ශරීර තැබීමට ඉඩ පහසුකම් ඇත්තේ දේහ හතරකට පමණි.

මේ හේතුවෙන් ඉතිරි මෘත ශරීර ශීතාගාරවලින් පිටත තබා ඇති බව රෝහල් බලධාරීහු සඳහන් කළහ. ඉන් මෘත දේහ දෙකක් නරක්වෙමින් පවතින බවද රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේය.

කෙසේ වෙතත් රෝහල් කාර්ය මණ්ඩලය පෙරේදා (4)දිනයේ මෙම කොවිඩ් මළසිරුරු ආදාහනය කරන ලෙස ඉල්ලමින් නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

මේ අතර මහනුවර රෝහලේ මෘතශරීරාගාරයේ දින 15ක් පමණ තිබූ කොවිඩ් ආසාදිත මුස්ලිම් පුද්ගලයකුගේ මළ සිරුරක් ද ඊයේ (5)දින පස්වරුවේ ආදාහනය කිරීමට කටයුතු කෙරිණි.

Related posts

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

colombotoday

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පැවැත්වු දානමය පිංකමට ගිය 21කට කොවිඩ්

colombotoday

ඇඳිරි නීති බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් විශේෂ චක්‍ර­ලේ­ඛ­යක්

colombotoday