Colombo Today Local News

අල්ලස් ගත් නාගරික මන්ත්‍රීවරුන් රෝහල් රථ ගාලේදී මාට්ටු

රුපියල් එක් ලක්ෂ පනස් දහසක අල්ලසක් ලබාගත් මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලරීන් අද(5) පස්වරුවේ කළ වැටලීමකදීයි.

මහනුවර කටුගස්තොට පාලම අසල ඩිජිටල් පුවරුවක් සවිකිරීම සඳහා මහනුවර මහ නගර සභාව මූලික අනුමැතියක් ලබාදී තිබේ.

එම කටයුතු කඩිනම් කිරීම සඳහා මෙම මන්ත්‍රීවරුන් පැමිණීලිකරුගෙන් මෙලෙස අල්ලසක් ඉල්ලා ඇතැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය සඳහන් කළා ය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක රථ ගාලකදීයි.

අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

‘අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ’ – සාගර කාරියවසම්

colombotoday

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

ඊයේ ඇරඹු ඉන්දීය ගිලන් රථ සේවයේ රියක්, අද මහ මගදී ලෙඩ වෙයි !

colombotoday

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් DKP දසනායක අත්අඩංගුවට ගනී

colombotoday

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

colombotoday

අන්තරේ උද්ඝෝෂණය අරඹයි

colombotoday