Colombo Today Local News

කුරුණෑගල නගරාධිපතිගෙන් තවත් මොට්ට වැඩක්: රජ පීල්ල උද්‍යානයේ පෞරාණික මණ්ඩපය සහ වෘක්ෂ 32ක් බිල්ලට ගනියි.

සංවර්ධනය රටකට අත්‍යවශ්‍ය සාධකයකි.

නමුත් අපේ කම, අපේ සංස්කෘතිය සහ ඉපැරණි දේශිය උරුමයන් වැනසෙන සංවර්ධනය රටකට උචිත නොවේ.

නගර අලංකරණය සහ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නිසා විනාශ වුණු පෞරාණික ස්ථාන පිළිබඳව අප දිගින් දිගටම ඔබට තොරතුරු වාර්තා කළේය.

කුරූණෑගල නගර මධ්‍යයේ ඇති ඉපැරණි රජ පීල්ල උද්‍යානයත් දැන් එවැනි සංවර්ධන වැඩපිළිවෙළක බිල්ලක් බවට පත්ව අවසන්ය.

කුරුණෑගල නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නිවා ගන්නට යන ස්ථාන අතර කුරුණෑගල නගර මැද තියෙන රජ පීල්ල උද්‍යානය ප්‍රධාන තැනක් ගනී.

නමුත් අද වනවිට ඒ වසර සිය ගණනක් පැරණි රජ පීල්ල උද්‍යානයේ ඇති විශාල ගස් කපා බිම දමා තිබේ.

මෙම ඉපැරණි රජ පීල්ල උද්‍යානය අදියර 2ක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වන , උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීම පෞද්ගලික ආයතනයකට භාර දී තිබේ.

රජ පීල්ල උද්‍යානයේ ඇති ගස් 28 ක් ඉවත් කිරීමට පමණක් සලකුණු කර තිබුණ ද මේ වන විට ගස් 32 කට ආසන්න ප්‍රමාණයක් කපා උගුල්ලා අවසන් ය.

මේ අතර උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි පෞරාණික මණ්ඩපයක් ද මුළුමනින්ම කඩා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් අප කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව මහතාගෙන් විමසුවේය.

ඔහු පැවසුවේ හෙට දිනයේ මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන බවය

උපුටා ගැනීම: News 1st

Related posts

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

colombotoday

එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

colombotoday

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යන් සඳහා පමණයි…

colombotoday

මුස්ලිම් අපි කඩු තියාගෙන ඉන්නේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවටයි… අත්අඩංගුවට ගැනීම අසාධාරණයි (Video)

colombotoday