Colombo Today Local News

පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ

දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන ලක්ෂ දොළහකට අධික ශිෂ්‍යාවන් මාසික ඔසප් වීම සිදු වීමේ දී දින දෙකක කාලයක් පාසලට පැමිණීමෙන් වැළකී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල වන බව නිරීක්ෂණය කර ඇත. නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලින් රජයේ පාසල්වලට පැමිණෙන ශිෂ්‍යාවන්ගෙන් සියයට 65ක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වීම නිසා සනීපාරක්ෂක තුවා භාවිත නොකරන බවද හඳුනා ගෙන තිබේ.

එම නිසා ශිෂ්‍යාවන්ගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන යෑම සඳහා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඒකාබද්ධව මේ පිළිබඳව හෙට (04 වැනිදා) අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Related posts

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලේ සිට ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි…

colombotoday

ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්

Admin

“විල්පත්තු කැලේ කපන ඇමතිලාට නැති නීතියක් භික්ෂූන් වහන්සේලාට ක්‍රියාත්මකයි” – විමල්

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්. – Appointment මගින් පාස්පෝර්ට් ලබා දීම සිමාව ඉක්මවා යයි

colombotoday

වෙඩික්කරුවෙකුට ආධාර අනුබල දුන් අයෙක් අල්ලයි

Admin

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday