Colombo Today Local News

යහ­පත් සමා­ජ­යක් බිහි කිරී­මට නම් අය­හ­පත් ක්‍රියා නැවැ­ත්විය යුතුයි – මහ­ජන ආර­ක්ෂක ඇමැති සරත් වීර­සේ­කර

බියෙන් සැකෙන් තොර සමා­ජ­යක් බිහි කිරී­මට නම් පාතා­ලය,මත් කුඩු, ස්ත්‍රී දූෂණ, ළමා අප­චාර, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් නතර කළ යුතු බව මහ­ජන ආර­ක්ෂක ඇමැති රියාද් අද්මි­රාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීර­සේ­කර මහතා පැව­සීය. එවැනි යහ­පත් සමා­ජ­යක් ඇති කිරීමේ වග­කීම පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට හා සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තු­වට පවරා තිබෙන බව ද ඇමැ­ති­ව­රයා කීය.

ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටියේ 2021 නව වසරේ අමා­ත්‍යංශ කාර්ය මණ්ඩ­ලය හමු­වේ­දීය.

මෙරට ජන­තා­වට බියෙන් හා සැක­යෙන් තොරව ජීව­ත්විය හැකි සමා­ජ­යක් බිහි කිරීම උදෙසා කැප­වන බවට අමා­ත්‍යං­ශයේ සියලු දෙනා අදි­ටන් කර ගත යුතු බවත් ප්‍රකාශ කළ ඇමැ­ති­ව­රයා රටේ උප­දින සෑම අයෙ­කුම ජාති­භේ­ද­ය­කින් තොරව දේශ­ප්‍රේමි ලෙස රටට ආද­රය කළ යුතු බවත් එහිදී පෙන්වා දුන්නේය.

Related posts

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !

colombotoday

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

පාසල් පෙල පොත සංශෝධනයට බංග්ලාදේශයෙන් අන්තවාදී කණ්ඩායමක් එයි !

colombotoday

“කෘෂිකර්මෙට කෝටි 96ක කුලී ගොඩනැගිල්ල‌ ගන්න කැබිනට්‌ අනුමැතිය ලැබුණා” – රාජිත

colombotoday