Covid 19

බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් 13කට කොවිඩ්

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (29) දිනයේ දී 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ස්ථාන 11ක දී සිදුකරනු ලබන පරීක්ෂණ තුළින් එම ආසාදිතයින් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 18 වන දින සිට සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,986 දෙනෙක් අතරින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 377 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වන විට හඳුනාගත් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

බස්නාහිර පළාතෙන් පිටතට කොවිඩ් වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා මෙම පරීක්ෂාවන් සිදුකරනු ලබන බවත් එය ජනවාරී මස 5 දක්වා සිදුකරන ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර, ඊයේ දිනයේ දී කොටුව හා ගාලුමුවදොර ප්‍රදේශවල සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුළින් ආසාදිතයින් 9 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකල පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 1957 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ගල්ගමුව රෝහලේ ගැබිනි වාට්ටුවේ පවුල් සෞඛ්‍යය සේවිකාවන් දෙදෙනෙක්ට කොරෝනා

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

මැදවච්චියේ ආසාදිතයින් ගණන 54 දක්වා ඉහලට. | වකුගඩු රෝගීන් 30කට රැපිට් ඇන්ටිජන් පරික්ෂණ

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාටත් කොරෝනා

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

colombotoday