World

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් කොරෝනා වෛරස් නව ප්‍රභේදය ජපානයෙනුත්

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් නයින්ටීන් වෛරස් ප්‍රභේදය පළමුවරට ජපානයෙන් ද හඳුනාගෙන තිබේ.

පසුගිය 19 වනදා දකුණු අප්‍රිකාවේ සිට ජපානය වෙත පැමිණි 30 හැවිරිදි කාන්තාවකට මෙලෙස නව වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගනු ලැබූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ද ජපානයෙන් පසුගියදා වාර්තා වී තිබුණි.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව ප්‍රභේදය, බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදයට වඩා දරුණු තත්ත්වයක් පෙන්නුම් කරන බවට මෙතෙක් පර්යේෂණ මගින් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජපානයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 220,236 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 3,252 ක් සිදුව තිබේ.

Related posts

ඉන්දියාව රුපියල ඩිජිටල් කරයි

colombotoday

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

සුප්‍රකට පොප් ගායිකා Coco Lee මියයයි

Admin

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

උරුම වනසන තලිබාන්වරු

Admin