Covid 19

ලබන වසරේ කොවිඩ් එන්නත ගෙන ඒමට පියවර

කොවිඩ් නයින්ටීන් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාදෙන එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සැලසුම් කරමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, ලොව පුරා මේ වන විට හඳුන්වා දී ඇති සියලු එන්නත් පිළිබඳ නිසි අධ්‍යයනයකින් අනතුරුව ශ්‍රී ලංකාව සුදුසු එන්නත තෝරාගැනීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව ලබන වසරේ මුල් මාස 2 තුළ අදාළ එන්නත මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“මේ වන විට කුමන එන්නතක් ලංකාවට සුදුසු ද යන්න සියලුම වාර්තා සැකසෙමින් පවතිනවා. ඒ වගේම මේ සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එන්නත් සඳහා වු විශේෂිත ජනාධිපති බලකායක් පිහිටුවලා තියෙනවා. ඒ මගිනුත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ එන්නත ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු දැන් කෙරෙමින් පවතිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි හෝ පෙබරවාරි මාසය වන විට අපිට මේ සඳහා කොයි එන්නත අපි ගෙන්වන්නේ නැතිනම් කොපමණ ප්‍රමාණයක් ලංකාවට ගේනවද කොයි කොයි වයස් කාණ්ඩවල අයට ද මේ එන්නත අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක රටේ ජනතාවට කියන්න. දැනටමත් මෙයට අවශ්‍ය ඉල්ලුම් කිරීම් සියලුදේවල් ලෝක සෞඛ්‍ය සංවිධානයට අපි යොමු කරලා තියෙනවා. අපේ රටට වඩාත් ගැළපෙන එන්නත කුමක් ද කියන එක තීරණය කිරීමෙන් අනතුරුව ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.”

Related posts

කොරෝනා වෛරස පාලනයෙන් ගිලිහෙමින් පවතිනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති

colombotoday

සහකාර ධීවර අධ්‍යක්ෂ කොවිඩ් ආසාදනය වී මිය යයි

colombotoday

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

පිදුරංගල රාජමහා විහාරයෙන් මාස්ක් සහ සැනිටයිසර් බේදා දෙයි.

colombotoday

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday