Colombo Today Local News

පොලිස් මෙහෙයුමකදී සැකකරුවෙක් මරුට

පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

“පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන්. ඔහු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙක්. එම සැකකරු වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක්. අද අලුයම මෙම සැකකරු සමග යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ඇති වූ සිද්ධියකදී මෙම සැකකරු රෝහල්ගත කිරීමකදී මියගොස් ඇති බවට වාර්තා වුණා. මෙම සැකකරු විසින් කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරියෙක් තුවාල ලැබුවා.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ජනපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. වාසිය සහෝදර සමාගමට !!

colombotoday

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

බස්රථවල පාර්සල් ප්‍රවාහනය තහනම්, අනවශ්‍ය ගමන්බිමන් එපා…

colombotoday

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

colombotoday

අපරාධ නඩු විශේෂ විධිවිධාන ක්‍රියාත්මක වීම් දීර්ඝ කරයි

colombotoday

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday