Colombo Today Local News

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ලංකාවට එරෙහි යෝජනාවකට දෙමල සන්ධානය බ්‍රිතාන්‍ය සමග එක්වෙයි.

ලබන මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට බ්‍රිතාන්‍යය සූදානමින් සිටින බවත් ඒ පිළිබඳ සාකච්ඡා ජනවාරි මාසයේ දී අරඹන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් දෙමළ ජාතික සන්ධානය හමු වී පොරොන්දු වී තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයින් පිරිසක් සමගින් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ දී පැවැති සාකච්ඡාවේ දී මේ බව අවධාරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේය.

යුද සමයේ දී සිදු වූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන වගවීමෙන් ශ්‍රී ලංකා රජයට මිදීමට නොහැකි අගතියට පත් දෙමළ ජනතාවට යුක්තිය ඉටුවන ආකාරයේ නව යෝජනාවක් සම්මත කර ගැනීමට බ්‍රිතාන්‍ය රජය මූලිකත්වය ගත යුතු බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහි දී ඉල්ලීමක් කර ඇති අතර එහිදී මහකොමසාරිස්වරිය මේ බව අවධාරණය කර ඇත.

එම යෝජනාව පිළිබඳ ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කරන බවද මහකොමසාරිස්වරිය අවධාරණය කර ඇත.

Related posts

මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදූ වෙබ් අඩවිය අක්‍රියයි

colombotoday

එන්නත් මාත්‍රා දෙකම නොගත්අය පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය

colombotoday

පුංචි මන්ත්‍රීන් ඉල්ලූ වචනය මහින්ද දෙයි… තීරණාත්මක යෝජනා 5ක් සම්මත කරගනී

colombotoday

13 ක්‍රියාත්මක කරන්න… මෝදී මහින්දගේ මුහුණටම කියයි

colombotoday

ඕවල් පිටිය ඉදිරිපිට කොටි විරෝධතාවක්

colombotoday

“යහපාලන ආණ්‌ඩුව දොවාගත් කිරිකළයට හිරුණිකා ගොම දැම්මා” – රන්ජන්

colombotoday