Colombo Today Local News

අනවසරෙන් මැණික් ගැරූ 6ක් මාට්ටු

නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් බලපත්‍රයක් නොමැතිව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 6 දෙනෙක් අද (26)දින අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ තෙරේසියා වත්ත ප්‍රදේශයෙන් සැකකරුවන් විශාල වලවල් හාරා විදුලියෙන් ක්‍රියාකරන වතු ඉසින යන්ත්‍ර උපයොගි කරගෙන අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරමේ නිරතව සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සැකකරුවන් අනවසරෙන් මැණික් ගැරු ස්ථානයට යාබදව පිහිටි වතු නිවාස පේලියක සිට ඉතා සුක්ෂම ලෙස වයර යොදාගෙන විදුලි බලයද ලබාගෙන මැණික් ගැරිම සිදුකරමින් සිටි බවත්, සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව තෙරේසියා වත්තේම පදිංචිකරුවන් බවත්, සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරි බවත්,සැකකරුවන්ට එරෙහිව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කිරිම,බලපත්‍රයක් නොමැතිව මැණික් ගැරිම යන චෝදනා යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

විල්පත්තුව වියලී ඉරි තලයි.. විල්, පොකුණු සිදී යයි.. සංචාරකයන්ටත් දොර වැසේ !

colombotoday

මහ සෙනගක් නුවරට ඇදෙයි… රතන හිමිට සහයට රට පුරා උපවාස !

colombotoday

“විශ්වාසභංගය නිසා නායකකමත් තහවුරු වුණා… අගමැති රනිල් දැන් සක්විති රජෙක්” – කිරිඇල්ල

colombotoday

තවත් මැතිවරණ සන්තෝෂමක් ! වාහන සඳහා අය කරන සුඛෝපභෝගී බද්ද ඉවත් කෙරේ !

colombotoday

අගමැති ඉල්ලා අස්විය යුතු නම් සෙසු අමාත්‍යවරුන් මෙන්ම ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතුයි

colombotoday

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

colombotoday