Colombo Today Local News

රොහාන් පල්ලෙවත්ත සජිත්ට එකතුවේ.

පසුගිය ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ රොහාන් පල්ලෙවත්ත මහතා සජිත් ප්‍රේමදාස මහතා සමග එකතුවී තිබෙනවා.

ඒ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා තැබූ Facebook සටහන…..

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීන්දු කළේය. ව්‍යාපාරිකයෙකු මෙන්ම වෘත්තියවේදී ව්‍යවසායකයෙකු ලෙසද ඒ මහතා ප්‍රකටය.

බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙසද හෙතෙම කටයුතු කරයි. ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ඒ මහතාගේ ආයතනය මගිනි.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ උපාධිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය, එංගලන්තයේ බෝල්ඩන් සරසවියේ ආචාර්ය උපාධිය ලබා ඇති ඒ මහතා කීර්තිමත් බුද්ධිමතෙකි.

ඒ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වනු ඇති අතර සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙසද ඒ මහතාට වගකීම් පැවරේ. එමෙන්ම සමගි ජනබලවේගයේ වෘත්තියවේදී සංගමයේ ප්‍රධානියෙකු මෙන්ම, සමගි ජන බලවේගයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසද ඒ මහතා ට වගකීම් පැවරේ.

Related posts

යහපාලන ජනපතිට වසරයි.. අද හෙට සැමරුම්

colombotoday

පාර්ලිමේන්තු ගුටි කෙළියේ මුල්ම ගුටිය ඇන්නේ නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම

colombotoday

යතුරු පැදියයේ පෙට්‍රල් සොරකම් කිරීම නිසා ඇතිවූ ආරවුලකින් එහි හිමිකරු මරුට

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන කියද්දී මීගමුවේ එජාප පාක්ෂිකයෝ ජය වේවා කියා හුරේ දමති… “ඒකට ජය වේවා කියන්න එපා” රනිල් කියයි.. රනිල්ටත් හිනායයි !

colombotoday

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

colombotoday

“රනිල් “උසී” කීවාම ෆොන්සේකා බුරන්න ඕන.. යුද විරුවෙකුට ගිය කලක් !” – ගෝලීය ශ්‍රී ලංකා සංසදය

colombotoday