World

ජෝ බයිඩ්න් ෆයිසර් බයෝ-එන්-ටෙක් කොවිඩ් එන්නත ලබා ගනී

මීළඟ අමෙරිකානු ජනාධිපති ලෙස තේරීපත්වී සිටින ජෝ බයිඩන් කොව්ඩ් එන්නත ලබාගෙන තිබේ. එසේ ඔහු ෆයිසර් බයෝ-එන්-ටෙක් එන්නත ලබාගෙන ඇත්තේ එන්නත ආරක්ෂාකාරී බව අමෙරිකානුවන්ට ඒත්තු ගැන්වීම සඳහා ය.

මේ වනවිට උප ජනාධිපති මයික් පෙන්ස් සහ කථානායිකාව වන නැන්සි පෙලෝසි ද කොවිඩ් එන්නත ලබා ගෙන ඇත.

මොඩර්නා කොවිඩ් එන්නත ද මේ වනවිට අමෙරිකාවේ ජනතාවට ලබා දීම අරඹා තිබේ.

මේ වනවිට අමෙරිකානුවන් 500,000ක් පමණ එන්නත්කරණයට ලක්කර ඇති බව වාර්තා වේ.

“එන්නත ඇතිවිට එය ලබාගැනීමට ජනතාව සූදානම් විය යුතුයි. මම මෙය කරන්නේ ජනතාවට එය ඇඟවීමට,” ඩෙලවෙයා හි සිට එන්නත ලබාගනිමින් බයිඩන් පැවසීය.

ඔහු එන්නත ලබාගන්න ආකාරය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කළේය.

රටතුළ එන්නත්කරණ වැඩසටහන ඇරඹීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනය “යම්කිසි ගෞරවය ලැබීමට සුදුසුයි” යනුවෙන්ද බයිඩන් පැවසීය.

Related posts

අගමැති ඉල්ලා අස්වීමට එකඟ වේ.

colombotoday

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මිය ගිහින්

colombotoday

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin

ඉම්රාන් ඛාන් දින 8ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

Admin