Colombo Today Local News

පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශ කෙරේ

පොළොන්නරුව ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුව තිබෙනවා.

පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන පූජා භූමිය ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදාන පුණ්‍ය මහෝත්සවය ඊයේ දින පැවැත්වුනේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්

ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා විසින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති මහනුවර අස්ගිරි පාර්ශවයේ ගෙඩිගේ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වෙත සන්නස් පත්‍රය ප්‍රදානය ක‍රන ලදී.

පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමේ අරමුණින්.

Related posts

ලාල් කාන්තට ඇප

colombotoday

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

බුහාරි හන්දියේදී අල්ලස් ගත් පොලිස් සැරයන් දැලේ!

Admin

කොන්ද පණ ඇතිව තීරණයක් ගනු, අන්තවාදීන් පන්නනු ! කලාකරුවෝ ඇතුළු මහ පිරිසක් ජනපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ…

colombotoday

උදයංග ගේන්න ඩුබායි ගිය පිරිස හිස් අතින් ආපසු එයි

colombotoday

ප්‍රංශයේ මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදයට මුදල් යොදවලා – පල්ලිවලට විදෙස් මුල්‍ය ආධාර ගැනීම මින්පසු තහනම්

colombotoday