Colombo Today Local News

රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය ව්‍යාපාරිකයන්ට බදු දීලා

පොල්ලෙබැද්ද රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය විසින් ව්‍යාපාරිකයන්ට බදු දීම පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය දැඩි විරෝධය පළකරයි.

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රඹකැන් ඔය ව්‍යාපෘතිය යටතේ දියවර ලබන ඉඩම් මෙසේ පවරා දී ඇති බවත් මේ වනවිට ඉඩම් ලබාදුන් 14 දෙනෙකුගේ ලැයිස්තුවක් පවතින බවත් එහි කළ සංචාරයකින් පසු ලංකාදීපයට අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පැවසීය.අක්කර 5400 ක් මේ ව්‍යාපෘතිය යටතේ බෙදා දීමට නියමිතය.

මහවැලියට අයත් ඉඩම් වුවත් රඹකැන් ඔය ආශ්‍රිත කැලෑ ජාතික පාරිසරික පනත යටතේ ආරක්ෂා වන බවත් මෙම ඉඩම් මෙසේ බදු දීම නීති වි‍රෝධී බවත් දාබරේ මහතා කීය. වටිනා ගස් බිම හෙළා බුල්ඩෝසර් යොදා ගෙන මහා පරිමාණයෙන් ඉඩම් හෙළි පෙහෙ‍ළි කර බඩ ඉරිඟු වගා කර ඇතැයි ද එකී වගා බිම් හරහා අලි ඇතුන් ගමන් කර ඇති පාරවල් දකිද්දී අලිමංකඩවල් හරස් කර මෙම ඉඩම් හෙළි පෙහෙළි කර ඇතැයි ද පෙනී යන බව දාබරේ මහතා කියා සිටිය්ය.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ඇරයුමින් එහි ගොස් සිදුව ඇති විනාශය දැක බලාගත් බවත් බැර ලෝහ අවම මට්ටමක පවතින පානීය ජලය ලබාදෙන රඹකැන් ඔය ජලාශයේ විනාශ්‍ය ද මෙම ඉඩම් බෙදාදීමෙන් සිදුවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම වැවේ දියවරෙන් පෝෂණයවන කෙත් යාය පුරන් කුඹුරු වබවට පත්වනු ඇතැයි ද ජලාශය සිඳී යාමේ අවදානමක් පවා පවතින බව ද ඔහු කියා සිටියේය.

ගොවි ජනතාව සශ්‍ය මාරු ක්‍රමය යටතේ කළ වගාවන් වෙනුවට ජාන තාක්ෂණය යොදාගෙන කරන වගාවන් ඇතිවීමත් කෘමි නාශක මෙන්ම වල් නාශක යෙදීමත් නිසා සතා සීවුපාවුන් මෙන්ම ප්‍රදේශවාසින් ද අසීරු තත්ත්වයට පත්වනු ඇයි බවත් දාබරේ මහතා පෙන්වා දුන්නේය.

එම ව්‍යාපෘති ඉඩම්වලට විදුලි වැට යෙදීමෙන් පසු අලි ගම්වැදීම නතර කළ නොහැකි වනු ඇති බවත් නොසිතු අභියෝගයන්ට විසඳුම් සොයන්නට එයින් පසු සිදුවනු ඇති බවත් කී සභපතිවරයා මේ වනවිට අක්කර 600 කට ආසන්න බිම් ප්‍රමාණයක් හෙළි පෙහෙලි කර ඇතත් තවමත් මේ වෙනුවනේ පරිසර අධ්‍යයන වාර්තාවක් එළි දක්වා නැති බවත් කීය.ඉදිරියේ දී ආගන්තුක ශාඛ පැමිණ විනාශ වන මේ බිම නැවත පිළිසකර කිරීම සිතන තරම් පහසු වනු නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

colombotoday

ජනාධිපතිවරණය පිලිබද නිවේදනයක්

Admin

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

colombotoday

රනිල් එලවන්න අපට ඕන වුණේ නෑ.. විශ්වාසභංගයට වෙන දෙයක් වෙච්චාවෙ ! – ඒකාබද්ධය අමුතු පොටකට එයි

colombotoday

කලහකාරි සිද්ධීන්ට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගයාන්ට ඇප

colombotoday