Colombo Today Local News

නව මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

ජාතික මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

ඒ, පසුගිය දා එම කොමිසමේ සමාජිකයින් වැඩ භාර ගැනීමෙන් අනතුරුවයි.

අද පැවැත්වෙන රැස්වීමේදී කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

ලබන වසර සඳහා වන ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනයේදී සාකච්ඡාවට ලක් කරන බව ඔහු පැවසුවේ ය.

මීට අමතරව මැතිවරණවලදී පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම, විදේශගතව සිටින පුද්ගලයින්ට ඡන්ද අයිතිය ලබාදීම මෙන්ම මැතිවරණ වියදම් පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් නීති පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීම පිළිබඳව ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී කරුණු සමාලෝචනය කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

“ඔබතුමා අත්අඩංගුවට ගන්නවා අපි කරනවා.” අනුරකුමාර දිසානායක උද්ඝෝෂණ ගැන පොලිස් ඇමතිට අභියෝග කරයි.

colombotoday

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවා නිදහස් කරයි…

colombotoday

චීනය නොමිලේ දෙන්න ගිය එන්නත් ලක්ෂ 60 ක් වැළැක්වූයේ කවුද?

colombotoday

“ඩීසල් ගොඩබාන්න බැරි උනා. අදයි හෙටයි පෝලිම් වල ඉන්න එපා”

colombotoday

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

colombotoday