Colombo Today Local News

බාලවයස්කාර දැරියක අපයෝජනය කළ තිදරු පියෙක් අත්අඩංගුවට

උඩප්පුව කීරියන්කල්ලිය ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට කළ 43 හැවිරිදි පුද්ගලයකු සැකපිට අද (15)දින අත්අඩංගුවට ගත්බව උඩප්පුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තිදරු පියෙකි.

දැරිය සහ දැරියගේ මව රවටාගෙන මෙම පුද්ගලයා කලක පටන් මෙම නිවසට පැමිණ ඇති අතර මවට විවිධාකරයෙන් උදව් කර ඇති බව දැරිය පොලීසියට ලබාදුන් පැමිණිල්ලේ සඳහන් වේ.

දැරියගේ ශාරීරික වෙනස්කම් දැක ඒ පිළිබඳව විමසීමේදී දැරිය සැකකරු තමන්ට සිදුකළ අතවර පිළිබඳව දෙමව්පියන්ට පැවසීමෙන් පසුව පොලීසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ උඩප්පුව පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය පුත්තලම රෝහලට ඇතුළත්කර ඇත.

සැකකරු අද (15)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජෝර්ජ් සෝරස් කියන ලෝක හොරාටත් යහපාලන දොර ඇරලා. ඒ කාලේ හොරු හිටියනම් දැන් ඉන්නේ කම්බා හොරු

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

colombotoday

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

Admin

දුම්රිය වර්ජනයක පෙරනිමිති

Admin

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday

ආනයනික අර්තාපල්, ලොකුළූණු බදු පහලට…

colombotoday