Colombo Today Local News

මහියංගන ප්‍රා. සභාවේ එජාප පොහොට්ටු මන්ත්‍රීවරු පොලිසිය ඉදිරිපිටදී ගැටෙති. 12ක් රෝහල්ගත කෙරේ.

මහියංගන ප්‍රා‍දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, තවත් පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් පිරිසක් මහියංගණ පොලිසිය ඉදිරිපිටදී අද (12) ඇති කරගත් ගැටුමකින් 12 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.

මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා දෙවන අය වැය ලේඛනයද පරාජය වීමත් සමඟ ප්‍රාදේශිය සභාභූමියෙන් පිටතදී පසුගියදා 08 වෙනිදා ඇති වු උණුසුම් අවස්ථාවේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ නිශ්ශන්ක වර්ණසුරිය මන්ත්‍රීවරයා හා මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම ගජනායක මහතා අතර උණුසුම් කථාබහක් ඇතිව පොලිසිය මැදිහත්ව ගැටුමක් දක්වා යෑම වළක්වා තිබේ.

ඉන්පසු මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම මහතා විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වර්ණසුරිය මහතා තමන් හට තර්ජනය කල බවට පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොණුකරනු ලැබු අතර, පැමිණිල්ල විභාග කිරිම සඳහා අද (12) සවස දෙපාර්ශවය මහියංගණ පොලිසිය වෙත කැදවා තිබිණ.

පැමිණිල්ල විභාග කිරිමෙන් පසු දෙපාර්ශවය පොලිසිය ඉදිරියේ සමතයතට පත්ව ඇති අතර පොලිස්ථානයෙන් බැහැරට යමින් සිටියදී යලි ඇතිවු කථාබවහක් දුරදිග ගොස් පොලිස් ස්ථානයේ ගේට්ටුව අභියසදී යලි පහරදීමක් සිදුව ඇත. දේශපාලන ආධාරකරුවන් රැසක්ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහුන්ද එම ගැටුමට මැදිහත්ව, පහරදීම දැඩිව සිදුව ඇත. එහිදී තුවාල ලැබුවන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත්ව තිබේ.

Related posts

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin

කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇප මත මුදා හරී

colombotoday

මුදල් මංගලට, විදේශ කටයුතු රවීට !!

colombotoday

කුඩු අංජුගේ දේපළ CIDයට පවරාගනී

colombotoday

සෝභිත හිමියන්ගේ තැන ගන්න දඹර හිමි එයි

colombotoday

හමුදා ආරක්ෂාව ඉවත් කර, හිටපු ජනපති මහින්ද කොටින් ලවා ඝාතනය කරවීමේ සැළසුමක් !

colombotoday