Colombo Today Local News

මහනුවර වසා දැමුණු පාසල් 42 ක් යලි විවෘත කිරීමේ තීරණයක්

මහනුවර නගර සීමාවේ වසා දමා ඇති පාසල් අතුරින් පාසල් 42 ක් යළි විවෘත කිරිමට පියවර ගෙන තිබේ.

පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කළේ, 6 ශ්‍රේණියේ සිට 13 දක්වා ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන 14 වනදා සිට යළි ඇරඹෙන බවයි.

එහෙත් ත්‍රිත්ව විද්‍යාලය, කලෛයිමගල් දෙමළ විද්‍යාලය සහ තක්ෂිලා විද්‍යාල එදිනට විවෘත නොවන බවද, පළාත් ආණ්ඩුකාරවරයා පැවසී ය.

ඔහු සඳහන් කළේ, අදාළ පාසල් විවෘත කළ හැකි දින ඉදිරියේදී දැනුම් දෙන බවයි.

මේ අතර, පාසල් ළමුන්ට ප්‍රමුඛතාව ලබාදෙන්නැයි, පොදු ප්‍රවාහන සේවා වෙත දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කළේ ය.

Related posts

ප්‍රදේශ රැසකට යළිත් නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

දිනුවත් බලය පිහිටුවීමේ අවුලක්! මාලිමාව අර්බුදයක?

Admin

ජාතික ගීය සිංහලෙන් පමණයි – ආරක්ෂක ලේකම්

colombotoday

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා යයි

Admin

ඉබ්‍රහිම් ගැන අවොබෝදයක් තිබ්බේ නෑ. | ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

යුක්‍රේනයේ තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට

colombotoday