Colombo Today Local News

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමුකර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටින බවත්, ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමුකර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු සඳහා අද (10)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිරගෙවල් ඉදිකිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

විදෙස් රටවල සිරමැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටින බවත් රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.

Related posts

ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 හෙළි කරන්නද? ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

colombotoday

අතවශ්‍ය කාරණාවකට හැර ත්‍රිකුණාමලය ට පැමිණීමෙන් වළකින්න | නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක්

colombotoday

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

9 හැවිරිදි දියණියක් අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කරයි – 6ක් කූඩුවට

Admin

සාදයක් මරණයකින් අවසන් වෙයි

Admin

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

colombotoday