World

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතය සඳහා එරට සෞඛ්‍ය පරිපාලකවරයා අනුමැතිය ලබාදී තිබේ.

ඒ එම එන්නතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ බලධාරීන් අද (10)දින රැස්වීමට නියමිතව ඇති පසුබිමකය.

කොවිඩ් මර්දනයට කැනඩාව තුළ භාවිත කිරීමට තිබිය යුතු බවට නිර්දේශිත ආරක්ෂිතභාවය, සඵලත්වය ඇතුළු ගුණාත්මක අවශ්‍යතා සපුරා ඇති බැවින් ෆයිසර් එන්නතට අනුමැතිය ලබාදුන් බව කැනේඩියානු සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

මේ මස අවසානයේ දී කැනඩාවට එන්නත් මාත්‍රා දෙලක්ෂ හතළිස්දහසක් ලැබීමට නියමිත අතර ඉදිරි සතියේදී එන්නත් ලබාදීමට නියමිතව තිබේ.

මෙතෙක් ෆයිසර් කොවිඩ් එන්නත භාවිත කිරීමට අනුමැතිය ලබාදී තිබුණේ එක්සත් රාජධානිය සහ බහරේනය පමණයි.

ඒ අතරින් එක්සත් රාජධානියේ එන්නත්කරණ වැඩසටහන ඉකුත් සඳුදා ආරම්භ කෙරුණු අතර එන්නත ලබාගත් ජාතික සෞඛ්‍ය සේවයේ සේවකයන් දෙදෙනෙකුට අසාත්මිකතාවක් ඇතිවූ බව ඊයේ නිවේදනය කළේය.

ඒ අනුව අසාත්මිකතා සහිත පුද්ගලයන් එන්නත ලබා නොගතයුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළේය.

එන්නත අසාත්මික වීමේ සිදුවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ සිදුකරන පරීක්ෂණවලට සහාය දෙන බව ෆයිසර් සමාගම පවසා තිබේ.

එම එන්නත ලබාගත් පළමු පුද්ගලයා වන උතුරු අයර්ලන්තයේ පදිංචි මාග්‍රට් කීනන් නමැති වයෝවෘද්ධ කාන්තාව ඥාතීන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ සුබපැතුම් මධ්‍යයේ රෝහලින් පිටව ගියේය.

Related posts

රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්

colombotoday

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

colombotoday