Articles

” සරත් වීරසේකර වෙඩි හඬ ඇහෙන තැනක කිසිදාක සිටියේ නැත.” ෆොන්සේකාට දේශපාලන බලකාමය නිසා අමතක වූ තැන්

ෆොන්සේකාට දේශපාලන බලකාමය නිසා අමතක වූ තැන් කිහිපයක් පමණක් කරුණාවෙන් මතක් කරමි.

අද්මිරාල් සරත් වීරසේකර යනු ඊලාම් ත්‍රස්තවාදී ඉතිහාසයේ ඊළාම් මුහුදු කොටි බලකාය විසින් එල්ල කරන ලද ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරයට ලක් වූ නාවික හමුදා යාත්‍රාවේ සිටි අණදෙන නිලධාරියායි. එදා වෙඩි හඬ නොඇසුනේ ත්‍රස්තවාදීන් වෙඩි තැබුවේ තනිකරම සයිලන්සර් භාවිතා කර වෙන්නට ඇත.
එක්දහස් නවසිය අනූ තුනේ නොවැම්බරයේ පුනරීන් හමුදා කඳවුරට ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු ප්‍රහාරයක් එල්ල විය. ඒ අවස්ථාවේ ගොඩබිමින් හා ගුවනින් කිසිලෙසකින්වත් ආධාරක කණ්ඩායම් යැවීමට ආරක්ෂක ප්‍රධානීන්ට හැකියාවක් තිබුණේ නැත.

සිව් දෙසින් LTTE ත්‍රස්තවාදින් පුනරීන් කදවුර වට කරගත්තේය. කොටින්ගේ අරමුණ වූයේ පූනරින් කඳවුරේ සෙබළුන් සමූල ඝාතනය කිරීමයි. ප්‍රහාර එල්ල කිරීමට සහය දැක්වීමට තිබු එකම මාර්ග වූයේ මුහුදු මාර්ගයයි.

දිවා කාලයේ පුනරීන් වෙත මුහුදෙන් ගොඩ බැසීම සියතින් ගෙල සිඳ ගැනීමකි. එහෙත් රාත්‍රි කාලය වනතුරු සිටියොත් පුනරින් කඳවුර අපට අහිමි වීමේ ඉඩකඩකි. එදා පුනරීන් බේරා ගැනීමේ ක්‍රියාන්විතයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ මේ වෙඩි හඬ නොඇසුනු සරත් වීරසේකරයි.

ඒ පුනරීන් කඳවුර බේරාගැනීමට සිදු කල ක්‍රියාන්විතය වෙනුවෙන් අද්මිරාල් සරත් වීරසේකරට රණවික්‍රම සහ රණ ශූර පදක්කම් හිමි විය.
එදා සරත් වීරසේකරට වෙඩි හඬ නොඇසුනේ ඔහු එදා බිහිරෙක්ව සිටියේද..? නැතහොත් සරත් වීරසේකර එන බැව් ඇසීමෙන් ත්‍රස්තවාදීන්ගෙ තුවක්කු අගුළු වැටුනේද..?

මේ අවස්ථාවන් දෙකක් පමණකි. සරත් පොන්සේකාගේ අධිමාන්නය නිසා ඔහු සිතා සිටින්නේ ඊලම් යුද්ධය කලේ ඔහු පමනක් කියාය. දේශපාලන නායකත්වය, නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කිසිවක් කලේ නැත. සියල්ලම සිදු කලේ සරත් පොන්සේකා තනිවමය.
මට මතක් වන්නේ ආර්නෝල්ඩ් ස්වසෙනගර් රඟ පෑ ” කමාන්ඩෝ” චිත්‍රපටයයි. සිල්වෙස්ටර් ස්ටැලෝන් රඟ පෑ ” රම්බෝ ” චිත්‍රපටයයි. තනි අතින් මල්ටි බැරල් රොකට් ලොන්චරය කර තියාගෙන සරත් පොන්සේකා තනිව ගොස් දසදහසක පමන ලොව දරුණුතම ත්‍රස්තවාදී බලකායක් සුණුවිසුණු කොට පුදුකුඩිඉරිප්පු හිදි වේලුපිල්ලේ ප්‍රභාකරන්ව ගළග්‍රහයෙන් ගෙන ඊලම් යුද්ධය අවසන් කළේ කොමාන්ඩෝ මෙනි. රම්බෝ මෙනි.
සරත් පොන්සේකා ජීවත් වෙන්නෙ ” මං පොර ” මානසිකත්වයෙනි. ” මගේ ආතල් මටම ආතල් ” යන මානසිකත්වයෙනි. ඊලම් යුද්ධයේදි සරත් ෆොන්සේකා සිදුකල කාර්යභාරයට ඔහුට හිමි ගෞරවය ලැබිය යුතුමය. එහෙත් හමුදාවේ සිටි ෆොන්සේකා දේශපාලන බලකාමය නිසා ” පොන්සේකා ” බවට පත්ව ඇත.

“ෆොන්සේකා” යන අප හදවත් තුල සිටි වීරයා මරා දැමුවේ වෙන කිසිවෙකුවත් නොව ” පොන්සේකා ” යන ගුණමකු දේශපාලඥයා විසින්මය.

නිලන්ත සත්සර ගමගේ

https://www.facebook.com/1554987543/posts/10223675367942960/

Related posts

රනිල් දෙමළ සංවිධාන හා එංගලන්තය

colombotoday

මැදපෙරදිගට වහල් ශ්‍රමය විකුණා ආර්ථිකය ගොඩ ගත හැකිද?

colombotoday

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම පුරවැසියෙකුගේ ඇසින්

colombotoday

රට ජාතිය රැකුණේ ඓතිහාසිකව පන්සලේ දේශපාලනය කල නිසා – පන්සල් වලට බය මැකෝට පිළිතුරක්

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ ශිෂ්ටත්වය අමතක වුණු සිංගප්පුරු ගිවිසුම

colombotoday