Colombo Today Local News

මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනිවර කීයවීම පරාජය වීමෙන් උණුසුම් තත්වයක්.

මහියංගනය ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය ලේඛනය දෙවන වර කියවීමේදී අද (08) දින වැඩි ඡන්ද අටකින් (08) පරාජයට පත්විය.

මහියංගන පොලිසියේ නිළධාරින් රැසකගේ ආරක්ෂාව යොදවා තිබූ පසුබිමක මෙම ඡන්ද විමසුම සිදු විය.

මහියංගණ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කරූවීරරත්න මහතා විසින් 2021 වාර්ෂික අයවැය දෙවන වර ඉදිරිපත් කිරිමේදි මෙලෙස අය වැය පරාජයට පත් වු අතර, අවවැය සදහා විරුද්ධව ඡන්ද 15ක්ද, පක්ෂව ඡන්ද 07ක් ලැබිනි.

අය වැය ඡන්දය පරාජයට පත් වීමෙන් පසු සභා භූමියෙන් පිටතට පිරිසක් රතිඤඤා දල්වමින් සතුට ඵල කල අතර, මන්ත්‍රීවරු සියල්ල සභාපතිතුමන්ට විරුද්ධව පොස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරමින් සභා භූමිය ඉදිරිපිට සභාපති ඉතා දූෂිතයෙක් බවත් “සභාපති පන්නමු” යැයි සදහන් බැනර් ප්‍රදර්ශණය කරමින් සුලු වේලාවක් විරෝධතාවයක නිරත වුහ.

අයවැය ඡන්ද විමසීම දැකබලා ගැනිම සදහා පක්ෂ සාමාජිකයන් හා පක්ෂ ආධාර කරුවන් විශාල පිරිසක්ද එම අවස්ථාව සදහා සහභාගීව සිටියහ.

සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු 07 දෙනාගෙන් 06 දෙනෙකු පක්ෂවද, එක් මන්ත්‍රිවරයෙකු විරුද්ධවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 04න් හතර දෙනාම විරුද්ධවද, ස්වාධින කණ්ඩායම රයිනෝ ලකුණින් නියෝජනය කරන මන්ත්‍රී 08 දෙනාගෙන් 07ක් විරුද්ධවද, එක් මනිත්‍රිවරයෙකු පක්ෂවද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 03 ම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර සිටියහ.

සභාපති කරූවීරරත්න මහතා විසින් 2019 වර්ශයේ, 2020 වර්ශයේ හා 2021 වර්ශයේ ඉදිරිපත් කරනු ලැබු අයවැය ලේඛනය සියල්ල අඛන්ඩව පරාජයට පත් විය. 2021 අයවැය ලේඛණය පළමු වර ඉදිරිපත් කිරිමේදී ද වැඩි ඡන්ද 07කින් එතුමා පරාජයට පත් විය.

සභා භූමියෙන් පිටතට පැමිණි සභාපතිතුමන් හා මන්ත්‍රී කණ්ඩායම් එකිනෙකාට චෝදනා කරමින් පක්ෂ විවේඡනය කරමින් මාධ්‍යට අදහස් ප්‍රකාශ කල අතර විවිධ මන්ත්‍රීවරු ලක්ෂ ගණන් මුදල් ඉල්ලූ බවත්, අල්ලස් ලබාදීමට නිවසට පැමිණි බවත්, සමහර අදහස් ප්‍රකාශ කිරිම් එක් එක් අයගේ පෞද්ගලික සිද්ධීන් අලලා කරනු ලැබූ චෝදනා හේතුවෙන් එම වචන හුවමාරුවන් ඉතා උණුසුම් තත්වයන් ඇති වු අතර ගැටුම් දක්වා දුරදිලගයෑමට ගොස් පොලිසිය මැදිහත් වීමෙන් සමතයකට පත් කෙරිණි.

මන්ත්‍රීවරු හා පක්ෂ ආධාරකරුවන් අතරද ගැටුම් ඇතිවීමට තරම් වචන හුවමාරු උත්සන්න වු අතර පොලිසිය මැදිහත්ව ගැටුම් සමතයකට පත් කෙරිනි.

මහියංගණ ප්‍රාදේශිය සභාව “රයිනෝ“ ලකුණින් තරග කල ස්වාධීන පක්ෂය ජයග්‍රහණය ලැබූ ප්‍රාෙදේශීය සභාවක් වන අතර පසුව එක්සක් ජාතික පක්ෂය විසින් බලය පිහිටුවා ගන්නා ලද ප්‍රාදේශිය සභාවකි.

ඉදිරි දින කිහිපය ඇතුලත මහියංගණ ප්‍රාදේශිය සභාවේ සභා ලේකම් තුමන් විසින්, පළාත්පාලන කොමසාරිස්තුමන් හට මහියංගණ ප්‍ර‍ාදේශිය සභාවේ අය වැය සම්බන්දයෙන් කරුණු වාර්ථා කිරිමත් සමග ගරු ඌව පළාත් ආන්ඩුකාර විසින් සභාවේ සභාපති තනතුර සම්බන්ධයෙන් තීරණයකට එලැබෙනු ඇත.

Related posts

තීන්දු අවශ්‍ය විදිහට නොදුන්නොත් පවුල පිටින් මරණවා කියා තර්ජණය කරා – යහපාලන ඇමති රන්ජන්ට විරුද්ධව මහාධිකරණ විනිසුරු පැමිණිලි කරයි….

colombotoday

ඡන්ද 4ක් අවලංගුයි…. වලංගු ඡන්ද 219යි

colombotoday

49 වන ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

colombotoday

යහපාලන ආණ්ඩුවේ කරුංකා හොරු, තේ හොරු, ගම්මිරිස් හොරු, අන්නාසි හොරුත් ඉන්නා බව ජනපති කියයි

colombotoday

ආරක්ෂක අංශ සොයමින් සිටි බන්ධනාගාර ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

colombotoday

ශ්‍රීලනිපය ඉවත් වීමට තීරණය කරයි… ජාතික ආණ්ඩුව අවසන්… එජාප තනි ආණ්ඩුවක්

colombotoday